ආයුබෝවන්....SL Wikipedia වෙබ් අඩවියට සාදරයෙන් පිළිගන්නවා...
ආරම්බය - 2020 / 02 / 08
ඔබට අවශ්‍ය සියලු අධ්‍යාපනික. දහම් දැනුම, වෙනත් තොරතුරු එකම වෙබ් අඩවියකින් නොමිලේ ලබා දීමට අප සූදානම්.
දැයේ දරුවන්ගේ නෙත් පෑදීම අපගේ අරමුණයි

ඔබට පැන නැගෙන
අධ්‍යාපනික ගැටලු අපවෙත එවන්න.
අපේ සේවාවන් මෙසේය.
අන්තර්ගතය
1 ඉතිහාසය (6 සිට 13 වසර දක්වා)
2 සිංහල භාෂාව
3 සාහිත්‍යය
4 පරිඝණක දැනුම
5 බුදු දහම
6 සමාජ දැනුම
7 වෙනත් තොරතුරු
1 ඉතිහාසය
> ලංකා ඉතිහාසය
> ඉන්දීය ඉතිහාසය
ලංකා ඉතිහාසය
1 ප්රාග් ඓතිහාසික යුගය
ප්රාග් ඓතිහාසික යුගය යනුවෙන් හැඳින්වෙන්නේ වසර බිලියන 3.8 කට
ප්‍රථම ජිවය ඇති වු මුල්ම යුගවලදී සිට ලිඛිත වාර්තා පවත්වා ගත් (ක්‍රි.පු.
3500 වැනි) යුගය දක්වා වු අතීත කාලසීමාවයි.
පරිණාමයේ අවධි වලදී අළුත් ජීවි ආකාර වර්ධනය වු අතර ඩයිනෝසෝරයන් වැනි ජිවී විශේෂ වදවී යාමට ලක්වුණි.
ප්රාග් ඓතිහාසික යුගය වසර ගණනාවක් මුළුල්ලේ ජීවය සාගර තුල සරල බැක්ටීරියාවන්ගේ සිට ඇල් ගී සහ ප්රෝටොසෝවාවන් දක්වා ද අවසානයේදී දීළිර, භෞමික ශාක, පණුවර්ග, මොලොස්කාවන්, ක්රස්ටිසියාවන්, කෘමීන් සහ පෘෂ්ඨ වංශකයින් වැනි සංකිර්ණ බහු සෛලික ජීවින් බවට පත්වුණි.
භූ විද්‍යාත්මක ආකාරයට ගත් කල මානවයින් පරිණාමය වුයේ වඩා මෑතකදී වන අතර එය වසර මිලියන 2.5 කට ඉහතදී වේ.
ඉතාමත් සුළු ප්‍රමාණයක ප්රාග්ඓතිහාසික යුගවලදී ජීවත් වු ජීවි විශේෂ ද අද වන තුරුම වෙනස් නොවී පවතී. ඔවුන් වසර මිලියන ගණනකට පසුව ජීව මාන පොසිල බවට පත් වී ඇත. මෝරුන් වැනි සමහර අනෙකුත් සත්ත්වයින්ද ඉතා කුඩා වශයෙන් වෙනස් වීම් වලට ලක්ව අැති අතර එය ද සිදු වී ඇත්තේ වසර මිලියනයකට වඩා වැඩි කාලයක් මුළුල්ලේය.
කෙසේ නමුත් 99% කටත් වැඩි ප්‍රමාණයක් වු ජීවි විශේෂ ප්‍රමාණයක් වඳවී යාමට ලක්ව ඇති අතර ඔවුන් පැවති බවට ඇති එකම සාක්ෂි වනුයේ පාෂාණ මත ඔවුන් තබා ගිය සලකුනු හෝ වෙනත් පොසිල වර්ගයි.
ඉතිහාසය ගැන වැඩිදුර විස්තර සදහා Sinhala Wikipedia නිදහස් විශ්ව කෝශය වෙත පිවිසෙන්න.
- ලංකා ඉතිහාසය
- ඉන්දීය ඉතිහාසය
- යුරෝපා ඉතිහාසය
- ඉතිහාසය විෂය නිර්දේශ හා පෙල පොත් Download කිරීමට ක්ලික් කරන්න.
- ඉන්දු නිම්න ශිෂ්ඨාචාරය
ලංකා ඉතිහාසය
2 සිංහල භාෂාව
සිංහල අකුරු සිංහලෙන් ටයිප් කරමු
√
කලාපය
ශ්‍රී ලංකාව
සිංහල භාෂාවේ ඉතිහාසය
හැදින්වීම
ශ්‍රී ලංකාවේ ප්‍රධාන ජාතිය වන සිංහල ජනයාගේ මව් බස සිංහල වෙයි. අද වන විට මිලියන 20 කට අධික සිංහල සහ මිලියන 3කට අධික සිංහල නොවන ජනගහනයක් සිංහල භාෂාව භාවිත කරති. සිංහල ඉන්දු-යුරෝපීය භාෂාවල උප ගණයක් වන ඉන්දු-ආර්ය භාෂා ගණයට අයිති වන අතර මාල දිවයින භාවිත කරන දිවෙහි භාෂාව සිංහලයෙන් පැවත එන්නකි. සිංහල ශ්‍රී ලංකාවේ නිල භාෂාවයි .
ප්රාග් ඓතිහාසික යුගයේ පටන් පැවති හෙළබස ඈත අතීතයේ ඉන්දියානු භාෂා හා යටත් විජිත සමයේ බටහිර භාෂා සමග සම්මිශ්‍රණයෙන් වත්මන් සිංහල භාෂාව බිහිවී ඇත.
සිංහල භාෂාවේ සම්භවය හා ප්‍රවර්ධනය
ඓතිහාසික වාග් විද්‍යාඥයන් බහුතරයක ගේ විශ්වාසය ලොව පවත්නා
බොහොමයක් භාෂා, මූලයන් පවුල් පහකට අයත් වන බවය. එනම් ඉන්දු යුරෝපීය
පවුලත්, හැමිටෝ සෙමිටික් පවුලත්, චීන තිබ්බතීය පවුලත්, ඔස්ට්ක් පවුලත්,
ද්‍රවිඩ පවුලත් යන භාෂා පවුල් පහය. අධ්‍යයන තුළින් විද්වතුන් පෙන්වා
දෙන්නේ, සිංහලය අයත් භාෂා පවුල වන්නේ, ඉන්දු යුරෝපීය භාෂා පවුල බවය.
සිංහල භාෂාවේ සම්භවය විමසන විද්වතුන් අතර මහාචාර්ය විමල් බලගල්ලේ
සූරීන්, ඓතිහාසික කරුණු ඇසුරින් පවතින මතිමතාන්තර හා නිරීක්ෂණ අනුව සිංහලය
ඉන්දු ආර්ය ගණයට අයත් භාෂාවක් යන්නත් අනාර්ය හෙවත් එම ගණයෙන් අන්‍යතර
භාෂාවක් ලෙසත් දෙවගකට බෙදිය හැකි බව පෙන්වා දෙයි. මේ පිළිබඳව ගැඹුරින්
කරුණු විමසන හෙතෙම පවසන්නේ, 19 වන සියවසේ ද්විතීය භාගයේ ඇතිවූ සංවාදයන්ට
අනුව, සිංහලය ඉන්දු ආර්ය ගණයට අයත්ය යන මතය විද්වතුන් විශාල සංඛ්‍යාවක ගේ
නිසඟ මතය වූ බවයි. ( බලන්න, සිංහල භාෂාවේ සම්භවය හා පරිණාමය)
සිංහල භාෂාව පිළිබඳ ගැඹුරින් අධ්‍යයනය කළ මහාචාර්ය සෙනරත් පරණවිතාන
සූරීන් සිංහල අභිලේඛන පමණක් නොව සංස්කෘත ප්රාකෘත දමිළ භාෂාවන්ගෙන්
ලියෑවුණු යම් යම් අභිලේඛන පිළිබඳව ද ඉන්දු නදී මිටියාවතෙහි ලේඛන පිළිබඳව ද
උද්යෝගයකින් සිය විමර්ශන මෙහෙය වූ ප්රාඥයෙකි. පරණවිතාන සූරීන් සීගිරි
ග්‍රැෆිටි නම් ග්‍රන්ථය හැරුණ විට එපිග්‍රෆියා ඉන්ඩිකා එපිෆියා සෙයිලනිකා,
සිලෝන් ජර්නල් ඔෆ් සයන්ස්, ජර්නල් ඔෆ් ද රෝයල් ඒෂියටික් සොසයිටි ඔෆ්
ග්‍රේට් බ්‍රිටන් ඇන්ඩ් අයර්ලන්ඩ්, ජර්නල් ඔෆ් ද රෝයල් ඒෂියටික් සොසයිටි
(සිලෝන් බ්‍රාන්ච්) ජර්නල් ඔෆ් ද ඇමරිකන් ඔරියන්ටල් සොසයිටි, යුනිවසිටි ඔෆ්
සිලෝන් වියූ යන ප්‍රකාශනයන්හි පළ කරන ලද ලිපි මගින් සිංහල භාෂාව පිළිබඳව
නවමු ආලෝකයක් ලොවට විහිදවූ බව ප්‍රකට කරුණකි. සීගිරි කුරුටු ගී පිළිබඳව
වරක් එතුමා සඳහන් කළේ,
"සාහිත්‍ය කෘතීන්හි දැක්වෙන, සම්මත සිංහල භාෂාවේ ප්රභවයට හේතු වූ
පැරණි ඉන්දීය භාෂා හා සම කළ කල්හි එම සිංහලය පෙන්වන ශබ්ද විද්‍යාත්මක
ප්‍රධාන වෙනස්කම් සියල්ල ද, නෑකම් ඇති ඉන්දු ආර්ය භාෂාවන්ගෙන් එම සිංහල
භාෂාව විශේෂ බවට පත්කරනු ලබන එබඳු අනිත් වෙනස්කම් ද මේ සීගිරි ලේඛනයන්ගෙන්
ප්‍රකට වෙයි. මේ ඉතා වැදගත් ශබ්ද විද්‍යා ප්‍රවර්තනයන් ගෙන් සමහරක් ඇ'
ස්වරය පිළිබඳ සිද්ධිය මෙන් මේ ලේඛන සමයට පූර්ව නොවූ කාලයක පැවති භාෂාවේ
පළමු වරට සිදුවූ බව පෙනේ" යනුවෙනි. (මහාචාර්ය සෙනරත් පරණවිතාන) (සංස්කෘති
ප්‍රකාශන)
ඉතිහාසය පිළිබඳව මතු කර ගත් නිහඬ සාක්ෂි ඔස්සේ ගැඹුරට කරුණු විමසූ
පරණවිතාන සූරීන්, අට, නවය සහ දහ වැනි සියවස්වල ලියවුණ (මධ්‍ය සිංහල යුගයට
අයත්) බවට සැලකෙන සීගිරි කුරුටු ලිපිවලින්, නූතන සිංහල වර්ණ වින්‍යාසයෙහි
ඉතිහාසය පිළිබඳ යම් යම් ලක්ෂණ විග්රහ කර ඇති බව ප්‍රකට ය. එනම්, ය්, යි,
ව්, වු යන අක්ෂර මාරුකර ලිවිය හැකි බව, කරයි, කරය්, පවුල, පව්ල, අයිය,
අය්ය, යන වචන උදාහරණ ලෙස පෙන්වමිනි. (සංස්කෘති - සීගිරි ග්රැෆිෆිටි
ඇසුරිණි)
පුරාතන සිංහල යුගය, පිළිබඳ ගයිගර් පඬිවරයා උපුටා දක්වමින් කරුණු විමසන,
මහාචාර්ය විමල් බලගල්ලේ සූරීන් පවසන්නේ, ක්‍රි. පූ. 2 සියවස අවසානයේ හෝ 3
සියවසේ මුලට අයත් යෑයි විශ්වාසිත හිරියාලේ පෙරිය කඩුව විහාර සෙල්ලිපියෙහි,
ප්‍රථම වරට 'අ' 'ඉ' 'ය' යන අක්ෂර පරණවිතාන මහතා කියවන ලද බවය.
මධ්‍ය සිංහල යුගයේ අවසානය හා නූතන යුගයේ ආරම්භය විමසන බලගල්ලේ
සූරීන් සිදත් සඟරාව සම්පාදනය වූ මෙම කාලයේ ගද්‍යයට එතරම් බලපෑමක් නොවුණ බව
පවසයි. එමෙන්ම සද්ධර්මරත්නාවලිය, පූජාවලිය, ස්තූපවංශය, සිංහල ජාතක පොත,
සිංහල මහාබෝධි වංශය, සද්ධර්මාලංකාරය ආදියෙන් නියෝජනය වන දඹදෙණි, කුරුණෑගල,
ගම්පොල යුගයේ ගද්‍ය සමග අමාවතුර, බුත්සරණ ආදියෙන් නියෝජනය වන පොලොන්නරු
යුගයේ ගද්‍යයන් ද සමග සසඳන විට වාක්‍ය සන්දර්භය හා රචනා රීතිය අතින් සුඵ
වෙනසක් සිදු වුවද භාෂා පරිණාමය අතින් යුගයක් පරීක්සීමට කරුණු නොවුණ බව ද
පෙන්වා දෙයි.
මධ්‍ය සිංහල යුගයෙන් පසු (14 සහ 15 සියවස) මයුර, ගිරා, සැළලිහිණි
සන්දේශ වගේම කාව්‍යශේඛරය, ගුත්තිල කාව්‍යය, බුදුගුණ අලංකාරය, ලෝවැඩ සඟරාව
ආදියේ භාෂා ශෛලියත් සමග සිදත් සඟරාවට පූර්ව මධ්‍ය සිංහල යුගයේ ලියෑවෙන
සියබස්ලකර, මුවදෙව්දෑවන, සසදෑව යන කෘතීන්හි භාෂාව විමසීමේ දී සම්භාව්‍ය
භාෂා ලක්ෂණ ඉස්මතුවීම මහාචාර්ය ගයිගර් සූරීන් සම්භාව්‍ය යුගයක් එක්
කිරීමට හේතු වන්නට ඇතැයි යනුවෙන් ඇතැම් විද්වත්හු කල්පනා කරති.
සිංහල භාෂාව පිලිබද තොරතුරු Wikipedia මාර්ගයෙන් PDF ගොනු ලෙස බා ගන්න.
3 සාහිත්‍යය
සාහිත්‍යය
ඔක්ස්ෆර්ඩ් හී මර්ටන් විද්‍යාලයීය පුස්තකාලයේ ඇති පැරණි පොතක්.
සාහිත්‍යය යන්නට නොයෙකුත් විවරණ ඇත. එම විවරණ සාහිත්‍යය භාවිතා කරන්නන්
මත හා එහි අන්තර්ගතය මත රඳා පවතී. එය පුළුල් ලෙස සලකා බලන විට ඕනෑම රූ
සටහනක සිට අක්ෂර දක්වා ඕනෑම සංකේතයක් අඩංගු වන වාර්තාවක් ලෙස දැක්විය හැක.
පටු දැක්මකින් යුතුව බලන කළ එය අක්ෂර පමණක් හෝ අක්ෂර සංකේත වශයෙන් ඇති ඕනෑම
ලිඛිත භාෂාවකින් යුත් වාර්තාවක් ලෙස පෙනිය හැකිය. (උදාහරණ ලෙස ඊජිප්තු)
එසේම පටු දෘෂ්ඨියකින් සලකා බලන කළ සාහිත්‍යමය කෘතියක් යන්න භෞතිකමය
ස්වභාවයක් සහිත වන්නක් බව සැලකේ. මුස්ලිම් දාර්ශනික ඉමාම් ජෆා අල් සදික්ගේ
(ක්‍රි. ව. 702 - 756) අර්ථ දැක්විම් වලට අනුව සාහිත්‍යය යන්න පහත පරිදි
වේ. සාහිත්‍යය යනු යමෙකු විසින් අඳිනු ලබන වස්ත්‍රයක් වැනිය. යමකු පවසන හෝ
ලියා දක්වන දෙයින් එය තවත් සිත්ගන්නා සුළු වේ. ෆැගිලියෝ මුයිගි පවසන පරිදි
සාහිත්‍යය යනු යම් මඟ පෙන්වීමක් සහ අර්ථයක් කැටි කළ ජීවිතයේ එක් පැතිකඩකි.
එය අර්ථ දක්වන්නන්ගේ දැකීමට අනුව ලෝකය පිළිබඳ අර්ථ දැක්වීමකි. එහෙත්
සාහිත්‍යයට අඩංගු වන්නා වූ ලියවිලි නිරතුරුවම මෙම සීමා පසු කරයි.
රුසියානූ රෝමන් ජැකොබ්සන් අර්ථ දක්වන පරිදි සාහිත්‍ය යනු සාමාන්‍ය
කතා මත ක්‍රියාකරන්නාවූ සංවිධානාත්මක ප්රචණ්ඩත්වයකි. එය සාහිත්‍ය එදිනෙදා
දිවියෙන් හා සාකච්ඡා වලින් වෙනස් වන අයුරු විදහා දක්වයි.
විදහා දක්වන ලද කතන්තර, ගුහා වල ඇඳි සිතුවම් හා සිහිවටන ආදිය සාහිත්‍යයේ සීමාවන් පුළුල් කර ඇත.
ඉතිහාසය
වෙනත්
ඓතිහාසික සමයන්හිදි සාහිත්‍යයේ විවිධ මුහුණුවරයන් අවධාරණය කරනු ලබති.
ආරම්භක කෘතින් හි බොහෝ විට විවෘත හෝ සැගවුණු උපදේශාත්මක අරමුණක් විය.
සදාචාරයන් මත හෝ විධානාත්මක සාහිත්‍යයන් මතුවි ඇත්තේ එවැනි මුලාශ්‍රයන්
ගෙනි. මාධ්‍යතන යුගයේ සිට ප්‍රේම වෘතාන්තයන්හි අපුරුව ස්වභාවය ඉහලින්
වැජඹුණු අතර නර්ථනය පිළිබද යුගය තුලදී ජාතිකත්වය පිලිබද වීර කාව්‍ය හා
දර්ශණාත්මක ප්රබන්ධයන් නිර්මාණය විය.රෝමැන්තික වාදය ජනප්‍රිය ජනසාහිත්‍යය
සහ චිත්තවේගී සම්බන්ධතා අවධාරණය කල අතර 10 වෙනි ශත වර්ෂයේ දි බටහිර තාත්වික
වාදය ස්වභාවිකබව සහ නාට්‍යය ස්වභාවය පිළිබද ගවේෂණයන්ට ද යොමු විය. 20 වන
සියවසේ දි නිරූපනය හා සංර්ධනයේ දී සංස්කේත වාදයේ හා මනෝවිද්‍යාත්මක
දෘශ්ටින් සදහා ඉල්ලුමක් ඇති විය.
දේශීය සාහිත්‍යයන්
ජාතීන්
හට සාහිත්‍යයන් ඇත්තේ සංවිධාන දාර්ශනික අධ්‍යාපන ආයතන හා ඓතිහාසික කාල
වකවානු ඇත්තාක් සේය. සාමාන්‍ය පිළිගත් අදහස වනුයේ ජාතියක සාහිත්‍යය එනම්
සාහිත්‍යමය කෘතිවල එකතුවෙන් එම ජාතිය සම්පුර්ණ පරිපුර්ණත්වයක් ලබන බවය.
මාතෘකාමය සාහිත්‍යයන්
සාමාන්‍යයෙන්
සාහිත්‍යය මාතෘකාවක් වටා ගෙතුණු කතා කාව්‍ය හා කෘතියකට සමනා කළ හැක. මේ
අනුව මෙම සාහිත්‍ය අංගයන්ට දේශීයත්වයේ අංග අඩංගු නොවේ.
ගුණාත්මක භාවයේ ඇති වෙනස්කම්
සාහිත්‍යයේ
හා වෙනත් ලිඛිත කෘතිවල වෙනස්කම් විදහා දැක්විය හැක. සාහිත්‍යමය රචනා හා
සාහිත්‍යමය වටිනාකම් මගින් මෙම වෙනස පෙන්විය හැක. උදාහරණයක් ලෙස ඇතමෙක්
චාර්ලිස් ඩිකන්ස්ගේ කෘති සාහිත්‍යය යටතේ අඩංගු කළ ද තවත් සමහරෙක් (යම්
විචාරකයන්) ජෙෆ්රි ආචර්ගේ කෘති අවතක්සේරු කරති. එයට හේතුව වැරදි ව්‍යාකරණ,
වැරදි පද ගැලපීම නොගැලපෙන ලෙස එක්කල කථා මාලාවන් හා පදනමක් රහිත චරිත මේ
නවකතා ද මෙලෙස සාහිත්‍යය යන තේමාවට අඩංගු නොවිය හැක.
සාහිත්‍ය තාක්ෂණික ක්‍රම
සාහිත්‍ය
තාක්ෂණික ක්‍රම හෝ සාහිත්‍ය උපකරණ පාඨකයා මත විශේෂිත බලපෑමක් ඇති කිරීමට
යොදා ගන්නා සාහිත්‍යමය කාර්යයන් විය හැක. යුධමය ක්‍රියාවලි වලින් යුධෝපායන්
වෙනස් වන්නාක් මෙන්ම සාහිත්‍ය වර්ග වලින් සාහිත්‍ය තාක්ෂණික ක්‍රම වෙනස්
වෙයි.එමනිසා David Copperfield හි සමහරක් අවස්ථා වලදි හාස්‍ය යොදා ගෙන
තිබුණත් එය අයත් වන්නේ හාස්‍ය වර්ගයේ නවකතා වකට නොව විකට නව කතාවකටය. Bleak
House නවකතාවෙහි ඉතාමත් බහුල ලෙස හාස්‍යය යොදා ගෙන ඇති අතර එමනිසා එය
හාස්‍ය නව කතා කාණ්ඩයට ඇතුළත් වෙයි. මේ ආකාරයට තාක්ෂණික ක්‍රම භාවිතය නව
සාහිත්‍ය වර්ගයක බිහිවීමට හේතු විය හැකිය. නූතන නවකතා වල ප්‍රථම කතා වලින්
එකක් වු සැමුවෙල් රිචඩ්සන්ගේ පැමෙලා මෙයට උදාහරණයක් වන අතර එය ලේඛ්‍යක
සිද්ධාන්තය යොදා ගනිමින් ලේඛ්‍යක සම්ප්රදාය ශක්තිමත් කරන ලදී. මෙම
සම්ප්රදාය යම්කාලයක් පුරාවට භාවිතයේ යොදා ගැනුනු නමුත් එම කාලය තුළදී
එතරම් පිලිගැනීමක් මෙයට නොලැබුණි.
ගුත්තිල කාව්‍යය පිලිබද තොරතුරු Wikipedia මාර්ගයෙන් PDF ගොනු ලෙස බා ගන්න.
සාහිත්‍යය පිලිබද තොරතුරු Wikipedia මාර්ගයෙන් PDF ගොනු ලෙස බා ගන්න.
ලංකා ඉතිහාසය
2 සිංහල භාෂාව
| සිංහල අකුරු සිංහලෙන් ටයිප් කරමු √ | |
|---|---|
| කලාපය | |
| සිංහල භාෂාවේ ඉතිහාසය | |
| හැදින්වීම | |
ප්රාග් ඓතිහාසික යුගයේ පටන් පැවති හෙළබස ඈත අතීතයේ ඉන්දියානු භාෂා හා යටත් විජිත සමයේ බටහිර භාෂා සමග සම්මිශ්‍රණයෙන් වත්මන් සිංහල භාෂාව බිහිවී ඇත.
සිංහල භාෂාවේ සම්භවය හා ප්‍රවර්ධනය
ඓතිහාසික වාග් විද්‍යාඥයන් බහුතරයක ගේ විශ්වාසය ලොව පවත්නා බොහොමයක් භාෂා, මූලයන් පවුල් පහකට අයත් වන බවය. එනම් ඉන්දු යුරෝපීය පවුලත්, හැමිටෝ සෙමිටික් පවුලත්, චීන තිබ්බතීය පවුලත්, ඔස්ට්ක් පවුලත්, ද්‍රවිඩ පවුලත් යන භාෂා පවුල් පහය. අධ්‍යයන තුළින් විද්වතුන් පෙන්වා දෙන්නේ, සිංහලය අයත් භාෂා පවුල වන්නේ, ඉන්දු යුරෝපීය භාෂා පවුල බවය.
සිංහල භාෂාවේ සම්භවය විමසන විද්වතුන් අතර මහාචාර්ය විමල් බලගල්ලේ සූරීන්, ඓතිහාසික කරුණු ඇසුරින් පවතින මතිමතාන්තර හා නිරීක්ෂණ අනුව සිංහලය ඉන්දු ආර්ය ගණයට අයත් භාෂාවක් යන්නත් අනාර්ය හෙවත් එම ගණයෙන් අන්‍යතර භාෂාවක් ලෙසත් දෙවගකට බෙදිය හැකි බව පෙන්වා දෙයි. මේ පිළිබඳව ගැඹුරින් කරුණු විමසන හෙතෙම පවසන්නේ, 19 වන සියවසේ ද්විතීය භාගයේ ඇතිවූ සංවාදයන්ට අනුව, සිංහලය ඉන්දු ආර්ය ගණයට අයත්ය යන මතය විද්වතුන් විශාල සංඛ්‍යාවක ගේ නිසඟ මතය වූ බවයි. ( බලන්න, සිංහල භාෂාවේ සම්භවය හා පරිණාමය)
සිංහල භාෂාව පිළිබඳ ගැඹුරින් අධ්‍යයනය කළ මහාචාර්ය සෙනරත් පරණවිතාන සූරීන් සිංහල අභිලේඛන පමණක් නොව සංස්කෘත ප්රාකෘත දමිළ භාෂාවන්ගෙන් ලියෑවුණු යම් යම් අභිලේඛන පිළිබඳව ද ඉන්දු නදී මිටියාවතෙහි ලේඛන පිළිබඳව ද උද්යෝගයකින් සිය විමර්ශන මෙහෙය වූ ප්රාඥයෙකි. පරණවිතාන සූරීන් සීගිරි ග්‍රැෆිටි නම් ග්‍රන්ථය හැරුණ විට එපිග්‍රෆියා ඉන්ඩිකා එපිෆියා සෙයිලනිකා, සිලෝන් ජර්නල් ඔෆ් සයන්ස්, ජර්නල් ඔෆ් ද රෝයල් ඒෂියටික් සොසයිටි ඔෆ් ග්‍රේට් බ්‍රිටන් ඇන්ඩ් අයර්ලන්ඩ්, ජර්නල් ඔෆ් ද රෝයල් ඒෂියටික් සොසයිටි (සිලෝන් බ්‍රාන්ච්) ජර්නල් ඔෆ් ද ඇමරිකන් ඔරියන්ටල් සොසයිටි, යුනිවසිටි ඔෆ් සිලෝන් වියූ යන ප්‍රකාශනයන්හි පළ කරන ලද ලිපි මගින් සිංහල භාෂාව පිළිබඳව නවමු ආලෝකයක් ලොවට විහිදවූ බව ප්‍රකට කරුණකි. සීගිරි කුරුටු ගී පිළිබඳව වරක් එතුමා සඳහන් කළේ,
"සාහිත්‍ය කෘතීන්හි දැක්වෙන, සම්මත සිංහල භාෂාවේ ප්රභවයට හේතු වූ පැරණි ඉන්දීය භාෂා හා සම කළ කල්හි එම සිංහලය පෙන්වන ශබ්ද විද්‍යාත්මක ප්‍රධාන වෙනස්කම් සියල්ල ද, නෑකම් ඇති ඉන්දු ආර්ය භාෂාවන්ගෙන් එම සිංහල භාෂාව විශේෂ බවට පත්කරනු ලබන එබඳු අනිත් වෙනස්කම් ද මේ සීගිරි ලේඛනයන්ගෙන් ප්‍රකට වෙයි. මේ ඉතා වැදගත් ශබ්ද විද්‍යා ප්‍රවර්තනයන් ගෙන් සමහරක් ඇ' ස්වරය පිළිබඳ සිද්ධිය මෙන් මේ ලේඛන සමයට පූර්ව නොවූ කාලයක පැවති භාෂාවේ පළමු වරට සිදුවූ බව පෙනේ" යනුවෙනි. (මහාචාර්ය සෙනරත් පරණවිතාන) (සංස්කෘති ප්‍රකාශන)
ඉතිහාසය පිළිබඳව මතු කර ගත් නිහඬ සාක්ෂි ඔස්සේ ගැඹුරට කරුණු විමසූ පරණවිතාන සූරීන්, අට, නවය සහ දහ වැනි සියවස්වල ලියවුණ (මධ්‍ය සිංහල යුගයට අයත්) බවට සැලකෙන සීගිරි කුරුටු ලිපිවලින්, නූතන සිංහල වර්ණ වින්‍යාසයෙහි ඉතිහාසය පිළිබඳ යම් යම් ලක්ෂණ විග්රහ කර ඇති බව ප්‍රකට ය. එනම්, ය්, යි, ව්, වු යන අක්ෂර මාරුකර ලිවිය හැකි බව, කරයි, කරය්, පවුල, පව්ල, අයිය, අය්ය, යන වචන උදාහරණ ලෙස පෙන්වමිනි. (සංස්කෘති - සීගිරි ග්රැෆිෆිටි ඇසුරිණි) පුරාතන සිංහල යුගය, පිළිබඳ ගයිගර් පඬිවරයා උපුටා දක්වමින් කරුණු විමසන, මහාචාර්ය විමල් බලගල්ලේ සූරීන් පවසන්නේ, ක්‍රි. පූ. 2 සියවස අවසානයේ හෝ 3 සියවසේ මුලට අයත් යෑයි විශ්වාසිත හිරියාලේ පෙරිය කඩුව විහාර සෙල්ලිපියෙහි, ප්‍රථම වරට 'අ' 'ඉ' 'ය' යන අක්ෂර පරණවිතාන මහතා කියවන ලද බවය.
මධ්‍ය සිංහල යුගයේ අවසානය හා නූතන යුගයේ ආරම්භය විමසන බලගල්ලේ සූරීන් සිදත් සඟරාව සම්පාදනය වූ මෙම කාලයේ ගද්‍යයට එතරම් බලපෑමක් නොවුණ බව පවසයි. එමෙන්ම සද්ධර්මරත්නාවලිය, පූජාවලිය, ස්තූපවංශය, සිංහල ජාතක පොත, සිංහල මහාබෝධි වංශය, සද්ධර්මාලංකාරය ආදියෙන් නියෝජනය වන දඹදෙණි, කුරුණෑගල, ගම්පොල යුගයේ ගද්‍ය සමග අමාවතුර, බුත්සරණ ආදියෙන් නියෝජනය වන පොලොන්නරු යුගයේ ගද්‍යයන් ද සමග සසඳන විට වාක්‍ය සන්දර්භය හා රචනා රීතිය අතින් සුඵ වෙනසක් සිදු වුවද භාෂා පරිණාමය අතින් යුගයක් පරීක්සීමට කරුණු නොවුණ බව ද පෙන්වා දෙයි.
මධ්‍ය සිංහල යුගයෙන් පසු (14 සහ 15 සියවස) මයුර, ගිරා, සැළලිහිණි සන්දේශ වගේම කාව්‍යශේඛරය, ගුත්තිල කාව්‍යය, බුදුගුණ අලංකාරය, ලෝවැඩ සඟරාව ආදියේ භාෂා ශෛලියත් සමග සිදත් සඟරාවට පූර්ව මධ්‍ය සිංහල යුගයේ ලියෑවෙන සියබස්ලකර, මුවදෙව්දෑවන, සසදෑව යන කෘතීන්හි භාෂාව විමසීමේ දී සම්භාව්‍ය භාෂා ලක්ෂණ ඉස්මතුවීම මහාචාර්ය ගයිගර් සූරීන් සම්භාව්‍ය යුගයක් එක් කිරීමට හේතු වන්නට ඇතැයි යනුවෙන් ඇතැම් විද්වත්හු කල්පනා කරති.
සිංහල භාෂාව පිලිබද තොරතුරු Wikipedia මාර්ගයෙන් PDF ගොනු ලෙස බා ගන්න.
3 සාහිත්‍යය
සාහිත්‍යය
ඔක්ස්ෆර්ඩ් හී මර්ටන් විද්‍යාලයීය පුස්තකාලයේ ඇති පැරණි පොතක්.
රුසියානූ රෝමන් ජැකොබ්සන් අර්ථ දක්වන පරිදි සාහිත්‍ය යනු සාමාන්‍ය කතා මත ක්‍රියාකරන්නාවූ සංවිධානාත්මක ප්රචණ්ඩත්වයකි. එය සාහිත්‍ය එදිනෙදා දිවියෙන් හා සාකච්ඡා වලින් වෙනස් වන අයුරු විදහා දක්වයි.
විදහා දක්වන ලද කතන්තර, ගුහා වල ඇඳි සිතුවම් හා සිහිවටන ආදිය සාහිත්‍යයේ සීමාවන් පුළුල් කර ඇත.
No comments:
Post a Comment